Tuesday, January 22, 2019

පාලොස්වක සඳක කතාවක්...

දුෂාන් කරවිට Dushan Karawita මට හමුවෙන්නේ ගීතයක් වෙලා අසන මගේ පළමු පද රචනයට සංගීත සපයන්නට ආව මම නොදන්නා මල්ලි කෙනෙකු විදිහට. මේ මල්ලි එන්නේ මම නොදන්නා සංගීතඥයෙක් වෙන නවරත්න ගමගේ Navarathna Gamage සමග.

ඒ දෙදෙනාම එන්නේ මම දන්නා, මගේ බෝඩිං සගයෙකුද වූ වසන්ත දුක්ගන්නාරාළ Wasantha Duggannarala ගේ සම්බන්ධීකරණයෙන්.

ඒ නිසා මගේ ගීතයක් ඇසූ පළමු දවසේම එහිදී මම දුෂාන්ගේ වැයුමත් ඇහැව්වා.

මට ඌෂානි ඉනෝකා පෙරේරා හමුවන්නේ අර එදින හඳුනාගත් නවරත්න ගමගේගේ නිවසේදී. ඌෂානි නවාලගේ නිවස අසලම පදිංචිව සිටි නවාලගේ ඥාතියෙකුත් වෙන නැගෙණියක්. එකල ඇය උසස් පෙළ සිසුවියක් හෝ ඊටත් පහළ සිසුවියක් හෝ වෙන්නට ඇති. ටිකක් කළක් යන විට ඌෂානි අනාගතයේදී ඌෂානි ඉනෝකා පෙරේරා කරවිට Ushani Inoka Perera Karawita වන බව දැන ගත්තා. ඒ ඇය දුෂාන්ගේ පෙම්වතිය වූ නිසා.

කාලයක් දැක හඳුනන ඔවුන් පසුව කාලයක් දුරස් වුණා. අනතුරුව මුහුණු පොත විසින් නැවත ළං කළා.

මේ කරවිට ජෝඩුව විදේශයක සිට අප හා මිතුරු සම්බන්ධකම් පැවැත්වුවා. ඒ හා සමගම අතීත සංගීතමය මිතුදමද අලුත් කර ගැනීමේ යෝජනාවක් ගෙනාවා.

මගේ අහසින් පාලොස්වක
සඳ අරගෙන නුඹ ගියාම නුඹේ කැදැල්ලට

යන සෑහෙන කලකට පෙර ලියූ ගීතයක් යළි සකසා ඈට දෙන්නේ ඒ අනුව. මේ ගීතය සංගීතවත් කරන්නේ පෙර මගේ ගී 2-3ක් සංගීතවත් කර මගේ ප්‍රසාදය දිනූ ප්‍රසන්න සංජීව Prasanna sanjeewa  විසින්.
එය සිත්ගන්නා සුළු හැඟුම් බරව ගැයිය යුතු අසීරු තනුවක් සහිත ගීතයක්.
ඌෂානි ඒ අසීරු තනුව සීරුවෙන් ජය ගත්තී සිය ගීත එකතුවට මගේ ගීතයකුත් එක්කර ගන්නීය.
ස්තුතියි, දුෂාන්, ඌෂානි, ප්‍රසන්න.


1 comment: