උයන අඳුරුද? ගඟට රිදුනිද? ඈත කඳුවැටි පෙළට දැනුනිද?
මම සංගීතඥ
අරුණ ගුණවර්ධන
ව හදුනා ගන්නේ අරුණව හඳුනාගත යුතු මුල් අවස්ථාවේ නොවෙයි. පසුවය. මම මුළින්ම හඳුනා
ගන්නේ අරුණ පණ්ඩිත්
අමරදේවයන්ට කළ ගිමන්
හරින දියඹ දිගේ ගීතයයි. එහෙත් ඒ අරුණ
කළ ගීතයක් සේ නොවේ. වෙනත් කවුරුන් හෝ කළ එකක් වශයෙනි. ඒ වෙනත් කවුරුන් හෝ වුව කවුරුන්දැයි
මම දැන නොසිටියෙමි. ඒ කියන්නේ මම හිතා හිටියේ කිසියම් අපි දන්නා සංගීත ක්ෂේත්‍රෙය්
ප්‍රබලයෙක් එය කරන්නට ඇති කියායි.
ගීතයට මොන
තරම් ප්‍රිය කළේද යත් එහි සංගීතඥයාට පෙර එහි රචකයාද කවුදැයි දැන ගත්තෙමි. එය සාමාන්‍යෙයන්
වන පිලිවෙල නොවේ. ඊට පසුව වුව එය සංගීතවත් කළේ කවුරුන්දැයි සොයන්නට අවැසි නොවුනි.
ගීතය අපේ වී හමාරව තිබු නිසාවෙනි.
පසුව
අමරදේවයන් සහ උමාරියා
ගැයූ හන්තාන සිහිනේ ගීතය බොහෝ කලක් ඇසුවේ වුව
එය සංගීතවත් කළේද අරුණ බව නොදැන සිටියෙමි. ගීත
පිළිබඳව අවදියෙන් සිටින අයෙක් වශයෙන් එහි අනෙකුත් නිර්මාණකරුවන් කවුරුන්දැයි නොදැන
සිටීම වරදක් වුව ඒ මගේම වරද නොවේ. ඒවාට අරුණලාම
ජානක සිරිවර්ධන
ලාම වග කිවයුතුය. මක් නිසාද යත්
සිය ප්‍රතිරූපය සිය නිර්මාණයෙන් වැසී යන තරම් ප්‍රබල නිර්මාණ දෙකක් ජනගත කළ
බැවිනි.
එහෙත් කලකට
පසුව මේ නිර්මාණ ද්වයම අරුණ ගුණවර්ධන ගේ සංගීතයෙන්
ඔපවුණු, හැඩවුණු නැළවුණු ඒවා බව දැන ගතිමි.
අනතුරුව අපිව
සම්මුඛ කළේ මුහුණු පොතයි. ගීත ගැන අදහස් හුවමාරු කරගන්නා අතරේ මිතුදමක් සොයුරු
දමක් ගොඩ නැගුණි. එක් අවස්ථාවක ඔහු කීවේ අයියා දන්නේ නැතිව
ඇති අපි පොඩි කාලේ අයියා ලියූ වළාකුළු පෙළින් බසින්න ගීතය අපිව පිස්සු වට්ටපු එකක්
කියායි. ඒ අතරේම මා ලියූ ගීයක් සංගීතවත් කරන්නට ඇති ඔහුගේ ප්‍රියතාවද ප්‍රකට
කෙරුණි. ඒ ආශාව මටද වන බව මමද ප්‍රකට කිරීමෙන් අනතුරුව ඒ කුමන වර්ගයේ නිර්මාණයක්ද
යන්න යම් කෙටි කතා බහකට ලක් වුණි.
මා කියූවේ හන්තාන සිහිනේ වැනි වූ ආකාරයේ ගීතයකට මම තවමත් ප්‍රිය
බවයි. එයම නොවන එහි ඡායාවන් වැටුණු එකක් නම් වඩාත් කැමැති බවයි. මා ලියන ගීතයේ
පරිසරයද එයම වන බවයි. අත්දැකීම යම් මිශ්‍ර අදහස් දරණ බවයි. මේ දැන් ඔබ අසන්නට යන
පතමි
නොගැටෙන ලෙසට කිසි දින
සොඳුරු
ඔය මුව කමළ මා දෙනෙතේ
ගීතය ලියන්නේ
ඒ අනුවය. ඒ වර්ෂ 2016 යේ යම් දිනකය. එය අරුණ
අත තබන්නේද, අරුණ ඊට අත තබන්නේද ඒ තරම් ඈත
කාලයකදීය. එසේම එය පටිගත වන්නේද 2016 අවසාන භාගයේදී පමණය. නමුත් එය ගීතයක් ලෙස
එළියට එන්නේ 2019ත් මාර්තු මස අගදීය.
හන්තාන
සිහිනේ ගීතයේ කියැවෙන්නේ හන්තාන
අස සරසවියේ ඉගැන් වූ වියපත් ඇදුරෙකුගේත්, එහි උගත් මානවිකාවකගේත් අසම්මත ප්‍රේමයක්
ගැනය. එහෙත් මෙහි ඇත්තේ එවන් අසම්මත ප්‍රේමයක් ගැන නොවේ. මෙහිද ඇත්තේ ඉහත අයුරින්ම
එහිම විසූ ඇදුරෙකුගේත්, එහිම උගත් මානවිකාවකගේත් ප්‍රේමයක් පිළිබඳවමය. නමුත් ඔවුන්
දෙදෙනා අතර ඇත්තේ අසම්මත පෙමක් නොවේ.
ඔවුනට
බාධාවකැයි ඔහු හිතන්නේ ඔහු සහ ඇය අතර වන වයස් පරතරයයි.
සිවු වසක්
ඇවෑමෙන් ඇය සරසවියෙන් නික්ම යයි. ඔහු නික්මෙන්නේ නැත. ඔහු සිතන්නේ ඇයට සමු දිය යුතු
බවද? ඇය සමුගනු ඇති බවද? යන කුකුස පිරි හැඟීම් පිළිබඳවයි.
එහෙත් ඇයට
එවන් කුකුසක් නොවෙයි.
මේ සංවාදයය
ගීතයෙන් නිරූපනය වන්නේ.
ගීතය ගැන දිගු
අදහස් මා දැක්වීම නිසි නොවේ. එය ඔබ දැක්විය යුතු දෙයකි.
ගීතය ගැන මතක්
කිරීමේදී හන්තාන සිහිනේ මතක් කළේ මේ ගීය ඒ
මට්ටමේ තැබීමේ පූර්ව උත්සාහයක් නිසාවෙන් නොවන බව වටහා ගනු මැණවි. ගීතයට නිමිති
සෙවූයේ එය නිසා බැවිනි.
ගීතයට සුමියුරු
සංග්‍රහය කළ අරුණ ගුණවර්ධන සොහොයුරන්ටත්, එයට
සිය උපරිම හඬ සම්මාදම නොමසුරුව කළ
අප ජේෂ්ඨ සොහොයුරන්ටත්, සිය මිහිරි තුරුණු හඬින් ගීතයේ අදහස මතු
කළ
ලක්ෂනා ලක්මිණි
නැගණියන්ටත් මගේ ප්‍රණාමය.
- යසනාත්
ධම්මික බණ්ඩාර -





No comments:
Post a Comment