මගේ
ම ගී පද රචනාවන් වලින් නිමැවුනු ගීත සඳහා මේ කිඳුරු ගීතය බ්ලොග් අඩවිය අරඹන්නට
සිතුවෙමි. ඒ සිතුවිල්ල පහළ වූයේ මගේ කවි සහ ගීත පොත් සඳහා වෙන වෙන ම බ්ලොග් අඩවි
නිර්මාණය කරමුදැයි ප්‍රවීන චිත්‍ර ශිල්පී සහ ග්‍රැෆික් නිර්මාණ ශිල්පී
අතුල සිරිවර්ධන මහතාගේ යෝජනාවත් සමඟම ය.
එබැවින් මෙම බ්ලොග් අඩවිය ඇරඹීම සම්බන්ධ කතාවේදී මවිසින් ඔහුට කෘතඥ විය යුතුමය.
එම
ගීත වල පද රචනාද මෙහි පළ කිරීමට සිතුවේ
ඒවා අවැසි කෙනෙකු සිටින්නේ නම් ඔවුනගේ පරිහරණය පහසු වනු පිනිසය.
තවද
එම ගීත වල යෙදුනු සංගීතය කාගේද, ගායනය කාගේද යන්නද, ගීතය
හා බැඳුනු වෙනත් විශේෂ කරුණු ඇතොත් ඒවාද, මෙහි ගෙන ඒමට වෑයම් කරමි.
තමන්ගේ
ම ගීත වල අඩංගු අදහස් තමන් විසින් ප්‍රකාශ කිරීම කොතරම් උචිතදැයි යම් විවාදයක් බඳු
සංවාදයක් ඇත්තේ වුව, මේ
සමහර ගීත වලට පාදක වූ කරුණුද සමහර ගීත සමඟ මෙහි පළ කරමි. ඒ මතය දරන්නෝ, ගීතය ලියන්නට මට හේතු සාධක වූ
ඒ කරුණු නොකියවා, ගීතය
පමණක් අසත්වා.
මගේ
ගී නිර්මාණ පිළිබඳව ඔබගේ අදහස් උදහස් වෙසෙසින් අගයමි.
-
යසනාත් ධම්මික බණ්ඩාර -
No comments:
Post a Comment