ඇස නින්ද උදුරණ සිහිනයකි නුඹ
සිහිනයෙන් වත්
මට සිනහ නොගෙනෙන
ඇස කඳුළු දවටන
ඇස කඳුළු දවටන
නුඹ නමින් පේවී
පිරූ පෙම් දම්
මට බිම්බරක් තරමින
නුඹ අබැටකට නොතකන
නුඹ නමට යාවී
ලියූ කව් ගී
මට ජීවිතේ තරමින
නුඹ නිකමටත් නොසිතන
මේ ගීතයේ මහා අරුතක් නැතත් මම එය බොහෝ කාලයක් තබාගෙන
සිටියේ එහි සරල සියුම් රසයක් වෙතැයි මටම හැඟුනු බැවිනි. තමන්ගේම නිර්මාණවල එවන්
ගුණ දැකීම වරදක් නම් කමා කළ මැණවි. එහෙත් මගේම සමහර නිර්මාණ පිළිබඳව මට එවන්
තක්සේරුවක් වෙයි. මෙයද එවැනි එකකි. මේ නිසා එය දිගු කාලයක් තබාගෙන සිටියේ කිසියම්
විශේෂ අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම පිණිසය.
ඔන්න ඔය අතරේය මගේ ඉපැරණි මිතුරෙක් සිය ප්‍රිය බිරිඳගේ
ආශාවක් ඉටු කිරීම පිණිස සිය ඉපැරණි මිතුරෙකු වූ මාව ඇමතුවේ.
මචං, යසනාත්,
මගේ බිරින්දෑට දොළ දුකක් පහළ වෙලා තිබෙනවා ගීතයක් දෙකක් කියන්න. ඇය මා සහ දරුවන්
වෙනුවෙන් කොතෙක් නම් වෙහෙසෙව්වේද? එයට යම් ගෞරවයක් ලෙස එය ඉටු කර දිය යුතුයි. උඹ
ගීත දෙකක් ලියන්න ඕනෑ. සංගීතයට සුදුස කෙනෙකු මුණගස්වා අදාල වටපිටාව සකස් කරන්න
ඕනෑ.
ඒ අනුව අදාල කාර්යය පිණිස මා යෝජනා කළේ මගේ ගී මගේ මුල්
පියවරයන් කිහිපය තබද්දී අත්වැල් බැඳ එක්ව ගමනේ යෙදුනු සුමිතුරු
නවරත්න ගමගේ
සංගීතඥයාය. ඔහු අදාල ගී දෙකට අවැසි සංග්‍රහය
ඉටුකොට දුන්නේය.
ඒ ලෙසින් මේ අදහස ඉදිරිපත් වූයේත්, මේ ගීතය ඒ අනුව
නිර්මාණය වූයේත් ඒ අනුව මීට වසර කිහිපයකට පෙරාතුවය. එහෙත් ඔවුන් හෝ මා හෝ මෙතෙක්
එය ප්‍රසිද්ධ මාධ්‍යයක් වෙත යොමු නොකළෙමු. එහෙත් අද මගේ ගී විමසන අවස්ථාවේ ඇස ගැටුණු
කණ වැකුණු මේ ගීතය ඔබ හා බෙදා ගන්නට සිතූවෙමි.
මගේ ඒ ඉපැරණි මිතුරා දැනට ආන්ත්‍රික
ශල්‍යවෛද්‍ය විශේෂඥවරයා වශයෙන් කරාපිටිය
ශික්ෂණ රෝහලේ සේවය කරණ, මා හා එක විද්‍යාලයේ ( කුරුණෑගල මලියදේවය ) එක
පංතියේ එක පේලියේ ඉගෙණුම ලැබූ හර්ෂ ගමගේය.
මේ
ගීතයේ ගායිකාව වනුයේ ඔහුගේ ප්‍රිය බිරිඳ වූ
උත්පලා
තරන්ගනී
නැගෙණියයි.
අපි ඒ අපි ගීතය අසමු.
මම,
- යසනාත් ධම්මික බණ්ඩාර -


